දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ ගොඩනගයි

උතුරු නැගෙනහිර පළාත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ නමින් නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට යෝජනා කර ඇත.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්‍ෂ 10 ක් මෙයට ඇතුලත් වන අතර මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට එම දේශපාලන පක්ෂ ලබන 28 වනදා යාපනයේදි රැස්වීමට නියමිත බව ඊපීආර්එල්එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.
යාපනයදී පැවති මාධ්‍ය අහමුවකදී මේ අදහස් පළකළ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ සිවඥානම් ද එක්ව සිටියේය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ
“උතුරු නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ නැවතත් යාපනයේදි රැස්වුණා. එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරුණා. එහිදි ජනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව හා ඉන් පසුව ගන්නා තීරණයන් පිළිබඳව සාකච්ඡා කෙරුණා.” යනුවෙනි.

මීළගට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන, ආගමික නායකයින් ලබන 26 වනදා වව්නියාවේදි රැස්වීමට නියමිතය. එබැවින් දෙමළ ජනතාවට යුක්තිය සාධරණය ඉටුවීම යන කාරණා ජාත්‍යන්තර මට්ටමින් විසදා ගත යුතු බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.
“අපගේ ඉල්ලීම් ඉදිරිපත් කර ගැනීමට අප එක්විය යුතුය යන ස්ථාවරයේ අප සියලු පක්ෂ සිටිනවා. එසේ සිතන ඕනෑම දේශපාලන පක්ෂයකට සංවිධානයකට අප හා එක්විය හැකියි” ප්‍රේමචන්ද්‍රන් පවසයි.

Leave A Reply

Your email address will not be published.