මියන්මාරයට AMCA විරෝධය

මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව මෙරට ක්‍රියාත්මක ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) අවධාරණය කර සිටී.

මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත සමාජ මාධ්‍ය පාලනයට මියන්මාර බලධාරීන් ගෙන ඇති පියවරද අතිශය පිළිකුලින් යුතුව හෙලා දකින බවත් භාෂණයේ නිදහස යනු ප්‍රජාත්නත්‍රවාදයේ ප්‍රධානතම හා වැදගත්ම අංගයක් වන බවත් මෙම ලිපියේ සඳහන් කර ඇත .

සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ සහ එහි මහ ලේකම් පැතුම් වික්‍රමරත්නගේ අත්සන් සහිතව මෙම ලිපිය යොමුකර තිබේ.

“ආසියාකරයේ මාධ්‍යවේදීන්ගේ අයිතීන් පිළිබඳව මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳවද කැපවී කටයුතු කරන මාධ්‍ය සංවිධානයක් ලෙස මියන්මාරයේ සිදුවෙමින් පවතින වත්මන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව දැඩි ලෙස කනගාටුවනවා. එම තත්වය යලි නිවැරදි කිරීම සඳහා ජාත්‍යන්තරය යම් බලපෑමක් හා මැදිහත්වීමක් කළයුතු බව අපගේ අදහසයි. විශේෂයෙන්ම ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධාන මෙහිදී මූලිකත්වය ගත යුතුයි.” එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.