පාවෙන අවි ගබඩා චූදිතයන් තීන්දුවට කලින් රටින් පැනලා

13

මතභේදයට තුඩු දුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙස් දී ඇතත් ඉහත කී තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්වජිත් නන්දන දියබලනගේ යන සැකකරුවන් විදේශ ගතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

එහෙත් ඉතිරි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිදු නෛතික බාධාවක් නොමැති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා ඇති බවත් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන්

  • වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු – විශ්‍රාමික මේජර් ජෙනරාල්
  • කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලේ – විශ්‍රාමික මේජර් ජෙනරාල්
  • යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපති – ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති
  • විශ්වජිත් නන්දන දියබලනගේ – විශ්‍රාමික කොමදෝරු
  • දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක – ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්/ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්

සැකකරුවන්ට තිබෙන චෝදනා

ගිවි අවි පනතේ 27 (1) වගන්තිය යටතේ වරද කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් සහ ලේඛණමය සාක්ෂි අධ්‍යනයේදී පෙනෙන බව පොලිසිය පවසයි. එම චෝදනාවට අමතරව නිශ්ශංක යාපා සේනාධිපති, දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක සහ පී බී ප්‍රේමචන්ද්‍ර යන පුද්ගලයන්ට එරෙහිව බොරු සාක්ෂි ගෙතීම සහ ඊට ආධාර අනුබල දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 790 යන වගන්ති යටතේ ද චෝදනා ගොනු කළ හැකි යැයි සාක්ෂි අනුව පෙනී යන බව පොලිසිය පවසයි.

Previous articleමුස්ලිම් දෙන්නෙක් කැමති වුණත් පොදු විවාහ නීතියට අනුව විවාහ වෙන්න, ඔය කියන පොදු නීතියෙන්ම ඒකට ඉඩක් දෙන්නෙ නැහැ
Next articleසැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාව නඩු පවරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here