දිව්‍ය ලෝකය කොහේදැයි කිසිවෙකු විමසුවහොත් එය මෙහේ යැයි පවසන්න
Giethoorn නැමති මෙි සුන්දර ගම්මානය පිහිටා ඇත්තේ උතුරු නෙදර්ලන්තයේය. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ ගම්මානයේ එකිනෙක නිවෙස් යා කර ඇත්තේ ඉදිකල ඇල මාර්ගයක් හරහා විමය. .කොන්ක්‍රීට් යොදා ඉදිකර කුඩා මංතීරු වෙනුවට ඇල මාර්ග හරහා කුඩා ඔරු මගින් ඔවුන් එදිනෙදා තම ගමන් බිමන් සකසාගෙන තිබේ. තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම මෙි කුඩා බෝට්ටු මගින් ඉටු කරන අතර සෑම නිවෙසකම තැපැල් පෙට්ටිය ඇල මාර්ගයට මුහුණලා සවිකර ඇත. සංචාරකයින් සඳහා ඉතාමත් අඩුවෙන් විවර කර ඇති මෙි ගමිමානය තුල ඉතා සාමකාමී දිවි පෙවෙතක් ගත කරන පිරිසක් ජිවත්වෙති. මෙම ප්‍රදේශයේ ජනගහනය 2900 ක් පමණ වේ.නිසංසල පරිසරයේ ඇසෙන එකම උස් හඬ තාරාවන්ගේ හා පක්ෂීන් ගේ බිඟු නද බව එම ගම්මානය වෙනුවෙන් ක්‍රියාත්මක වන වෙබ් අඩවිය සඳහන් කරයි.
Rusell Bandarawatta