අද (21)තවත් මරණ 10ක්, සමස්ත මරණ 445 ක් වෙයි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කරයි.

මෙම මරණ 10 ත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් වෙති.

මේ අතර මෙරටින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 518 කි.

Leave A Reply

Your email address will not be published.