කළු ඇදුම්වලින් සැරසි කිලිනොච්චි නගරයේදී විරෝධතා

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(21) කළු ඇදුම්වලින් සැරසි කිලිනොච්චිය නගරයේදී විරෝධතාවයක නිරත වී තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසිවාරය හෙට(22) ආරම්භ වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයක්.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ යුධ සමයේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ආරම්භ කළ උපවාසය හා විරෝධතාවයට වසර හතරක් ගත වී ඇති බවයි. එහෙත් යුධ සමයේ අතුරුදහන්වූවන්ගේ ගැටළුවට දේශීය යාන්ත්‍රණයක් හරහා විසදුමක් නොලැබෙන බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවයි.
මෙම විරෝධතාවය සඳහා උතුරු නැගෙනහිර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

Leave A Reply

Your email address will not be published.