සම්පත් බැංකුව, මහ බැංකුව සමඟ QR ගෙවීම් දිරිගන්වයි

සම්පත් බැංකුව 2020 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය වන LANKAQR පිළිබඳ අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලු මුව දොර පිටිය අසල, බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද Dining Capsule පරිශ්‍රයේදී 2021 ජනවාරි 23 සහ 24 දෙදින තුළ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් සහ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී තාරක රන්වල මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම ප්‍රවර්ධන වැඩසටහන සංකේතාත්මක දියත් කිරීමට එක්ව සිටියහ.

LANKAQR හි සේවාව ලබා ගත හැකි සම්පත් බැංකුවේ WePay ඩිජිටල් ගෙවීම් ජංගම යෙදුම හරහාDunhinda Colombo, Roots, Grand Monarch, Street Wok, Lavinia, Spice Junction, Giovanni’s Pizza al Taglio සහ Box Baroutlets යන අවන්හල් වෙතින් මෙම කාලසීමාව තුළ මිල දී ගත් ආහාර සඳහා ගෙවන මුදලෙන් 25%ක මුදලක් ආපසු ලබා දීමට (cash back) සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය●

Leave A Reply

Your email address will not be published.