කැලෑ කැපීම්, ඉඩම් ඇල්ලීම දිගටම…

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්  වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් හෙළිපෙහෙළි කරමින් මහත් වන සංහාරයක්  සිදුකරමින් සිටින බව වාර්තා වේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකු ද මෙම වන සංහාරයට මූලික වී ඇතැයි හෙළිව තිබේ.

සීගිරිය අවුඩංගාව, දිගම්පතහ, පොතාන, කණ්ඩලම, වැවල, සීගිරිමුල්ල ආදී ප්‍රදේශවල පිහිටි ඉඩම්වල ඇති වටිනා ගස් බිම හෙළා කටුකම්බි වැටවල් ගසා මෙම ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකරන බව හෙළිව තිබේ.

මෙසේ අත්පත් කරගන්නා බිම් කොටස් කොළඹ ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉහළ මිල ගණන් වලට අලෙවි කරනු ලබන බව දඹුල්ල ජනතාව පවසති.

මේ හේතුවෙන් ප්‍රදේශයේ වන අලින්ගේ සංචරන මාර්ග රැසක් අවහිර වී ඇති අතර, සීගිරිය අභය භූමි රක්ෂිතයේ වෙසෙන අලි ඇතුන්ටද මෙහි බලපෑම එල්ල වී ඇත. මෙම තත්ත්වය යටතේ අලි ගම්වැදීම් ඉහළයාම නිසා අවට ගම්මානවල ජනතාවගේ දෛනික ජීවිතයටද තර්ජන එල්ල වී ඇත●

දඹුල්ල – වසන්ත මොහොට්ටාල
Leave A Reply

Your email address will not be published.