අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිල දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ට

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට මෙවර දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් සමත් වී තිබේ. මුලින්ම වෙන්දේසියට ඉදිරිපත් කරන විට මොරිස්ට ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලන්සුවක් නියම කර තිබිණි. නමුත් ක්‍රමයෙන් පන්ජාබ් කිංග්ස් පිල සහ රාජස්තාන් පිල අතර පැවැති දීර්ඝ ලන්සු තැබීමකට පසුව ඉන්දීය රුපියල් කෝටි 16.25 කට ඔහුව මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් විය.
මේ ගැන අදහස් දැක්වූ රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්‍ෂක කුමාර් සංගක්කාර කියා සිටියේ ඔහු සුවිශේෂී ක්‍රීඩකයකු  වන බවයි.

මේ වසරේ (2021) අයි.පී.එල්. විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තොරාගැනීම සඳහා පැවැති ක්‍රීඩක වෙන්දේසියේ පළමු අදියර බ්‍රහස්පතින්දා පැවැති අතර එහිදී පළමු වටයේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනාගෙන් කිසිවකු මිලදී ගැනීමට එකම කණ්ඩායමක් හෝ ඉදිරිපත් නොවීය. එනම් කුසල් ජනිත් පෙරේරා, ඉසුරු උදාන සහ තිසර පෙරේරා මිලදී ගැනීමට එකම කණ්ඩායමක් හෝ ඉදිරිපත් වූයේ නැත.

වෙන්දේසියේ පළමු අදියරේදී එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගන්නා ලද ක්‍රීඩකයෝ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම
නේදන් කූල්ටර් නයිල් (ලක්ෂ 500), ඇඩම් මිල්න් (ලක්ෂ 320), පියුෂ් චවුලා (ලක්ෂ 240), ජේම්ස් නීෂම් (ලක්ෂ 50), යුද්විර් චාරක් (ලක්ෂ 20), මැක්‍රො ජැන්සන් (ලක්ෂ 20), අර්ජුන් ටෙන්ඩුල්කාර් (ලක්ෂ 20)

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම
ග්ලෙන් මැක්ස්වෙල් (ලක්ෂ 1425), සචින් බේබි (ලක්ෂ 20), රාජත් පැටිදර් (ලක්ෂ 20), මොහොමඩ් අසාරුදීන් (ලක්ෂ 20), කයිල් ජැමේසන් (ලක්ෂ 1500), ඩැනියෙල් ක්‍රිස්ටියන් (ලක්ෂ 480), කේ.එස්. භාරත් (ලක්ෂ 20), සුයෂ් ප්‍රභූදේසායි (ලක්ෂ 20)

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම
ජේ රිචඩ්සන් (ලක්ෂ 1400), ශාරුක් ඛාන් (ලක්ෂ 525), ඩේවිඩ් මැලන් (ලක්ෂ 150), රිලී මෙරෙඩිත් (ලක්ෂ 800), මොයිසස් හෙන්රික්ස් (ලක්ෂ 420), ජලාජ් සක්සේනා (ලක්ෂ 30), උට්කාර්ෂ් සිං (ලක්ෂ 20), ෆැබියන් ඇලන් (ලක්ෂ 75), සෞරබ් කුමාර් (ලක්ෂ 20)

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම
සකිබ් අල් හසන් (ලක්ෂ 320), ශෙල්ඩන් ජැක්සන් (ලක්ෂ 20), වයිභාව් ඇරෝරා (ලක්ෂ 20), කරුන් නායර් (ලක්ෂ 50), හර්බජාන් සිං (ලක්ෂ 200), බෙන් කටින් (ලක්ෂ 75), වෙන්කටෙෂ් අයියර් (ලක්ෂ 20), පවන් නේගි (ලක්ෂ 50)

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම
ස්ටීව් ස්මිත් (ලක්ෂ 220), උමේෂ් යාදව් (ලක්ෂ 100), රිපාල් පටෙල් (ලක්ෂ 20), විෂ්ණු විනෝද් (ලක්ෂ 20), ලුක්මන් මෙරිවාලා (ලක්ෂ 20), එම්. සිද්ධාර්ත් (ලක්ෂ 20), ටොම් කරන් (ලක්ෂ 525), සෑම් බිලිංග්ස් (ලක්ෂ 200)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම
මුයින් අලී (ලක්ෂ 700), කේ. ගෞතම් (ලක්ෂ 925), චෙතේෂ්වර් පුජාරා (ලක්ෂ 50), හරිෂංකර් රෙඩ්ඩි (ලක්ෂ 20), භගත් වර්මා (ලක්ෂ 20), හරි නිෂාන්ත් (ලක්ෂ 20)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම
ජගදීෂ සුචිත් (ලක්ෂ 30), කේදර් ජාදේව් (ලක්ෂ 200), මුජිබුර් රහමන් (ලක්ෂ 150)

Leave A Reply

Your email address will not be published.