Uber සහ Uber Eats 2020 වසර පිළිබඳ සමාලෝචනයක

Uber සමාගම වාර්ෂිකව නිකුත් කරන සමාලෝචනයේ 2020 අදියර “A Look Back at 2020 (Year in Review)” නමින් පසුගියදා එළිදක්වන ලදී. මෙම වාර්තාව, ඇඳිරි නීතිය පැවති කාලයේදී ශ්‍රී ලාංකිකයන් ආහාරපාන සපයාගත් ආකාරය සහ, ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතත් ක්‍රමානුකූලව ගමන්බිමන් යාම ආරම්භ කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාදෙයි.

අභ්‍යන්තර තොරතුරු හා දත්ත පදනම් කරගෙන පිළියෙල කර ඇති මෙම වාර්තාව මගින්, Uber App සහ Uber සේවා සම්බන්ධතා ජාලය ඵලදායී ලෙස භාවිතා කරමින් ජනතාවට අත්‍යවශ්‍ය වූ ගමනාගමන හා ප්‍රවාහන විසඳුම් සැපයීමට Uber සමත් වූ ආකාරය පෙන්වා දී ඇත. අදාළ කාලය තුළ ඉදිරිපෙළ සේවා සපයන්නන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට Uber කටයුතු කළ අතර, ආහාරපාන අවශ්‍ය වූ ජනතාව වෙත ඒවා සැපයීමට  Uber Eats පියවර ගත්තේ ය. එමෙන්ම රියදුරන්ට හා ප්‍රවාහන සේවා හවුල්කරුවන්ට ආදායමක් උපයා ගැනීම සඳහාද අවස්ථා සලසා දෙන ලදී.

එසේම Uber විසින් ලොව පුරා සෞඛ්‍ය සේවකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ අනෙකුත් පුද්ගලයන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන ගෙනැවිත් භාරදීමේ සේවාවන් සැපයීම, විවිධ ප්‍රදේශ වල දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ජනතාව අතර රු. මිලියන 8.5 ක වටිනාකමකින් යුත් වියළි ආහාර බෙදා දීම, රියදුරන්ට රු. මිලියන 17.4 ක මුහුණු ආවරණ, පවිත්‍රකාරක සහ විෂබීජ නාශක ඇතුළත් පුද්ගල ආරක්ෂණ කට්ටල ලබාදීම වැනි දෑ සිදු කරන ලදී●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.