මොහොතක් හිතන්නට අවසරයි ඔබට

උඹට මට ඕන වුණා මැණිකෙ සල්ලි කඳු ගොඩගහන්න

ඒත් අපි කවමදාකවත් හිතුවෙ නෑ දරුවන්ගෙ ජීවිතේ සතුට ගැන

අපට මඟඇරුණෙ මොනවද ආපස්සට බලාපන් හනික

ආයෙමත් බෑ අපිට ජීවිතේ එතනට ගිහින් හදන්න

පුංචි දූ පුතා අපෙන් ඉල්ලුවෙ ආදරේ, අවදානය

උඹටත් මටත් තිබ්බද වෙලාවක් අහන් ඉන්න ඒ කතාව

අපි හඹා ගිය වේගෙට දරුවො කොටු කළේ කාමරේට

කොන්ක්‍රීට් බිත්ති ඇතුළෙ කොහෙද බං ගුණධර්ම

අද උන් හරි ලොකු මහත්තුරු අපි හුඟාක් වයසයි

දැන් අපිට ඕන කාලය අවධානය ආරක්ෂාවය

සලකන්නෙ නෑ කියල දරුවො සද්දෙන් උඹ කියද්දි

මට මතක් වෙන්නෙ උන් ඉල්ලල අඬපු හැටි සතුට

අපි එදා උන්ට නොදීපු ජීවිතය

අද උන් අපිට නොදෙන තැන උන් වැරදි නෑ මැණිකෙ

හැමෝටම කෑ ගහල කියාපන්

සල්ලි නෙවේ ජීවිතේ හොයන්න දරුවන්ගෙ සතුට

එයාලට දෙන්න අවදානෙ

එයාල එක්ක හිනා වෙන්න

වචන දෙකක් තුනක් කතා කරන්න

පුංචි හිතකට ඒක ලොකු සවියක්

දෙන්න ගුණධර්ම මිනිස්කම පිරුණු හදවත්

අපි නොදුන් දෙයක් උන්ගෙන් ඉල්ලන්නෙ කෝමද

උන්ට ඕන කාලේ අපි අපේ ලෝකවල

අපිට ඕන වෙද්දි උන් අපේ ළඟින් ඉඳියි ද

මොහොතක් සිතන්න ඔබට බාරයි!

 

ශක්ති සංකල්ප
Leave A Reply

Your email address will not be published.