විශ්වාසය භංග කළ ආණ්ඩුව වහා අස්වනු – ජවිපෙ වීදි පිරෙන පාද සටන නුගේගොඩින් අවසන්…

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (07) කළුතරින් ආරම්භ කරන ලද ‘වීදි පිරෙන පාද සටන’ විරෝධතාවය අද (08) දෙවැනි දිනටත් මොරටුවෙන් ආරම්භ කර නුගේගොඩ දක්වා ගමන් ඇරඹීය. ඒ උදෑසන 10ට පමණය. විරෝධතා පා ගමනට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර එම පෙළපාලිය පසුවරු 3.30ට පමණ නුගේගොඩ එළිමහන් රංග පීඨය වෙත ළගා විය.

මහජන ආරක්ෂාව අනතුරේ හෙලමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලටත්, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලි දීමටත් එරෙහිව මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබිණි.

ජනතාවගේ විශ්වාසය භංග කල යහපාලන ආණ්ඩුව තවත් මේ රට පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් තවතවත් රට අරාජික නොකර මේ ආණ්ඩුව වහාම ගෙදර යනලෙස බල කරමින් මෙම විරෝධතාවය පැවතින. මේ සදහා ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක, පා.ම බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, සමස්ත ලංකා ගොවිජන සම්මේළනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, රාමලිංගම් චන්ද්‍රෙස්කරන්, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුලු වෘත්තීය සමිති නායකයින් සිවිල් ක්‍රියාකාරිකයන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.

one × three =