නාසා රෝවරය අඟහරු මත ගොඩබැසීම අද (19) පෙ.ව. 1.30 ට සිදුවිය

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියට (නාසා) අයත් Perseverance නොහාත් නොපසුබස්නා උත්සාහය නම් රෝවරය මෙරට වේලාවෙන් පෙබරවාරි 19 පෙ.ව. 01.30 ට අඟහරු හෙවත් රතු ග්‍රහලෝකයට ගොඩ බැසීම සිදු විය. මෙරට මාධ්‍ය වලට වගේ වගක් නැතත් ඒ මොහොත සජීවීව නැරඹීමට ලොව පුරා බොහෝ දෙනෙක් සූදානම් ව සිටියේය. නොපසුබස්නා උත්සාහය 2020 ජූලි 30 වන දින කේප් කැනවරල් අභ්‍යවකාශ බලකායේ සිට යූඑල්ඒ හි ඇට්ලස් වී -541 රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කරන ලද අතර සැතපුම් මිලියන 293 ක් හෙවත් කිලෝමීටර් මිලියන 471 ක් ගමන් කිරීමෙන් පසු අඟහරු මත ජෙසෙරෝ ආවාටයට ගොඩබසීමට නියමිතයි. එහි අරමුණු වනුයේ අතීත ජීවිතයේ සංඥා සෙවීම සහ 2030 ගණන් වලදී පෘථිවියට නැවත පැමිණීම සඳහා පාෂාණ සාම්පල එකතු කර සකස් කිරීමයි.
නොපසුබස්නා උත්සාහය අඟහරු මතට නවීන තාක්ෂණයන් කිහිපයක් ගෙන යෑමට නියමිතයි – ඉන්ජෙන්ටි නම් වන හෙලිකොප්ටරයක් ද මීට අයත්. මෙය වෙනත් ග්‍රහලෝකයක් මත ර්‍කියාකරවන හා පියාසර කිරීමට උත්සාහ කරන පළමු ගුවන් යානය ලෙස ඉතිහාස ගත වෙනවා.

-ශානක ලියනගම ,ලෝකය එකම යායක්


සජීවීව  විකාශනය වූ මෙය නැරඹීම සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න….

WATCH NOW: NASA’s Perseverance Rover lands on Mars @replay – YouTube

Leave A Reply

Your email address will not be published.