ඊයේ කොරෝනා ආසාදිත මරණ 8 ක්, වයස අවු:20 කාන්තාවක්ද වෙයි

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (18) දිනයේදී මෙරට තවත් Covid-19 මරණ 08ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රිය ලංවෙත්ම නිවේදනය කළේය.

මෙම මියගිය අය දෙමටගොඩ, කොළඹ 8, මීගොඩ, දෙකටන, කොළඹ 10, කෙසෙල්වත්ත, වත්තල ප්‍රදේශ වළ පදිංචි කරුවන් වන අතර රිදීමාලියද්ද ප්‍රදේශයේ වයස අවුරුදු 20 ක කාන්තාවක් ද බදුල්ල රෝහලේදී කොරෝනා හේතුවෙන් මියගොස් තිබේ.

මේ අතර මෙම මරණ 8 ත් සමඟ මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.