“මේ අනීතික බලය ඉදිරියේ දණ ගහන්නේ නෑ”

- ජවිපෙ නායක අනුර දිසානායක

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවනීතිකව, අවිචාරත්ව අහෝසි කිරීමට දරන උත්සාහය තමන් පරාජය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසීය. ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පසුගිය අද(18) හයිඩ් පිටියේ පැවති ‘කැතයි,

ලැජ්ජයි, නින්දිතයි, කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි’ විරෝධතා රැලියේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේද පැවසීය.
“ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය හෝ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය කිසිසේත්ම මේ අනීතික බලය ඉදිරියේ දණ ගසන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ඒ වගකීම දැරීමට සූදානම්. රාජපක්ෂලාට, තමන්ගේ ඥාතීන්ට හා රාජපක්ෂ ගැත්තන්ට ඇති නඩු ඉවත්කර ගැනීම තමයි මෙම ජනාධිපති කොමිසම පත්කිරීමට එක හේතුවක් වුණේ. දැන් මේ කල්ලියට විරුද්ධව මහාධිකරණයේ නඩු 150 පමණ තිබෙනවා. මා ඇතුළු පුද්ගලයන්ට විරුද්ධව විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. ජනාධිපති කොමිසමට පුළුවන් වසර 7 කට නොවැඩි කාලයට ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඊට එහා යමක් බෑ. තමන්ගේ දූෂිතභාවය නිසා පැවරුණු නඩුවලට මුහුණු දී නිවැරදිභාවය ඔප්පු කරන්න බැරි නිසා හොර පාරෙන් ජනාධිපති කොමිසමට ඇවිත් රාජපක්ෂ හොර කල්ලිය ඔවුන්ගේ දූෂණ හෙළිකළ පැමිණිලිකරුවන්ට නඩු දානවා. මෙවැනි ක්‍රියාවලියක් අනුමත කරනවාද අපි මේ රටේ ජනතාවගෙන් අහන්න කැමතියි.”

මෙම රැලියට ලංකා කම්කරු සම්මේලනයේ මහින්ද රත්නායක, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ආචාර්ය සරෝජා පෝල්රාජ්, මහාචාර්ය විජය කුමාර්, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි, ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, නීතිඥ නාමල් රාජපක්ෂ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අය අදහස් දැක්වූහ

ඡායාරුප –චන්න උදීප

Leave A Reply

Your email address will not be published.