“මළසිරුරු භූමදානය ගැන අගමැතිගේ තීරණය හකුළා ගැනීම කණගාටුදායකයි”

- ඇමරිකානු තානාපති

 

මෙරට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩු‍වේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය යළි හකුළා ගැනීම පිළිබඳව කණගාටුවට පත්වන බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

මෙරට තුළ මියයන සියලු පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට අනිවාර්ය කිරීම හරහා එක් ජන ප්‍රජාවක් වෙනස් කොට සැළකීමට ලක්කර ඇති බවද ඇය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇලයිනා බී. ටෙප්ලිට්ස් මේ බව පවසා ඇත.

 

 

Leave A Reply

Your email address will not be published.