නීතීඥ හිජාස් හිස්බුල්ලා මාර්තු 3 දක්වා යලි රිමාන්ඩ්
මාස 10ක සිට රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට.
කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ අද (18) නියෝග කළේය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.