“ආසාදිතයින් දින දෙක, තුන නිවෙස්වල තැබීම අවදානම්”

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින්ව දින කිහිපයක් හෝ නිවෙස්වල තැබීමෙන් සිදුවන්නේ රෝගය පිළිබඳ ඇති අවදානම අඩුවීමක් බවත් ඒ හේතුවෙන් වෛරස ව්‍යාප්තිය ඉහළයාමක් සිදුවිය හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල රෝගීන්ට දින 5 -6ක් වැනි කාලයක් නිවෙස් තුළ සිටීමට සිදුවන බව ද අතරමැදි කොවිඩ් මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් තිබිය දී ඔවුන් ඒ වෙත යොමු නොකිරීම ගැටලුවක් බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ ,

“දැන් මේ ගෙවල්වල ඉන්න කොට ස්වභාවිකව වෙන දේ තමයි රෝගය පිළිබඳ තිබෙන අවදානම දවසින් දවස අඩුවේගෙන යනවා. රෝග ලක්ෂණ නැති වෙනකොට ඒ අය හිතනවා ඇත්තටම මගේ පීසීආර් වාර්තා හරි ද කියලා. එතකොට එක්කෙනෙක් රෝහල් ගත කරද්දි තවත් 4ක් 5ක් නිවෙස තුළ කොවිඩ් රෝගීන් කරලා ඉවරයි. ඒ නිසා මේකට නිශ්චිත වැඩපිළිවෙලක් කොළඹ හා අනෙක් දිස්ත්‍රික්කවල ආරම්භ කළ යුතු බවද ඒ මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.