“ආවේ වන් කන්ට්‍රි වන් ලෝ කියල, දැන් ‘වල් කන්ට්‍රි වල් ලෝ’ වෙලා”

විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර, පැමිණිලිකරු හිරේ යැවීමට සැලසුම් කරන ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ කැකිල්ලේ කොමිසමේ වාර්තාවට එරෙහි විරෝධතා රැලියක් අද (18) මේ වන විට හයිඩ් පිටියේ පැවැත්වෙමින් තිබේ.
මෙය සංවිධානය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ජේෂ්ඨ නීතීඥ හර්ෂණ නානායක්කාර

“රට බේරාගන්න කියල බහුතර ජනතාව ගෙනාපු විරුවගෙන් මේ සුන්දර රට බේරගන්න වෙලා තියනවා. බලයට එනකොට කිව්වේ එක රටක් එක නීතියක් කියල. ඒ කියන්නේ වන් කන්ට්‍රි වන් ලෝ කියල. හැබැයි දැන් මේ කැකිල්ලේ කොමිසමේ වාර්තාව දැක්කම කියන්න වෙලා තියෙන්නෙ ‘වල් කන්ට්‍රි වල් ලෝ’ කියල.”

Leave A Reply

Your email address will not be published.