“කැකිල්ලේ කොමිසම ගැන නිහඩව ඉන්න බුද්ධිමතුන් මොන බුද්ධිමතුන්ද”

 

විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර, පැමිණිලිකරු හිරේ යැවීමට සැලසුම් කරන ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ කැකිල්ලේ කොමිසමේ වාර්තාවට එරෙහි විරෝධතා රැලියක් අද (18) මේ වන විට කොළඹ,  හයිඩ් පිටියේ පැවැත්වෙමින් තිබේ.
මෙය සංවිධානය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

මෙහිදී අදහස් දැක්වූ අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

“පසුගිය පෙබරවාරි 4 වෙනිදා නිදහස් උත්සවයට පෙරහුරුවීම් සිදුකළා. ඒ දින කිහිපයේම මහජන අයිතිවාසිකම් දවස් ගණනක් උල්ලංගනය වුනා. ඒත් අපි දන්නවා නිදහස කියන්නෙ එහෙම සමරන්න තියන එකක් නෙමෙයි. මේ රාජ්‍ය නායකයා ඉදිරිපිටින් යුධ රථ ගමන්කරන එක නෙමෙයි නිදහස් උළෙල සමරනවා කියන්නේ. අපේ උගත් මහාචාර්යවරු ආචාර්යවරු අද නිහඬ වෙලා. මේ අවනිතිය, අයුක්තිය, අසාදාරණය ඉදිරියේ නිෂ්ක්‍රිය වෙලා. කොමිෂන් සබා වලින් ඔබේ, අපේ ගෙල සිරකරලයි තියෙන්නේ. මේවා ගැන නිහඩව ඉන්න බුද්ධිමතුන් මොන බුද්ධිමතුන්ද. ”

Leave A Reply

Your email address will not be published.