වීදි පිරෙන පාද සටන මොරටුවෙන් නුගේගොඩට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිඳව දැන දැනම එය වලක්වා ගැනීමට නොහැකි වූ, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන්නැයි බලකරන ජනතා විමුක්ති පෙරමුණේ විසින් සංවිධානය කරන වීදි පිරෙන පාද සටන මේ වනවිට මොරටුව නගරයෙන් ගමන් ආම්භ වී තිබේ.

ඊයේ (07) කළුතර නගරයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, පක්ෂ සාමාජිකයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු දහස් ගණනක සහභාගිත්වෙයන් ගමන් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන ඊයේ පස්වරුව වනවිට මොරටුව දක්වා ලඟාවිය.

අද (08) දිනයේදී මොරටුව නගරයද දහස් ගණනක් ජනතාව මෙම ආණ්ඩු විරෝධී පාගමනය එක්වි සිටිනු දක්නට ලැබෙන අතර අද පස්වරු 3.30ට නුගේගොඩ නගරයේදී විරෝධතා රැලියක් පැවැත්වීමට නියමිතය.


Leave A Reply

Your email address will not be published.

3 × three =