“වන විනාශය මහාපරිමාණයෙන් වෙනවා” – කමල් ගුණරත්න

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නට මේ මල් මිට. !
ඒ මොකද කියනවනං පහුගිය කාලෙ වනාන්තර අක්කර දහස් ගණන් කැපෙනකොට රටේ මිනිස්සු ඒවට විරුද්ධව කතා කළා.
හැබැයි මේ ආණ්ඩුවෙ දේශපාලඥයො බොහොමයක් කිව්වෙ ඒක විපක්ෂෙන් හදන මිත්‍යාවක් කියලා.
තමන් ඡන්දෙ දීපු හින්දා ආණ්ඩුව කරන ඕන අසමජ්ජාති වැඩකට හුරේ දාන, ‘ස’ ලා ඉල්ලුවොත් තාත්තව ගස් බැඳලා, අම්මව වුණත් දෙන්න ලෑස්ති කැඳ හැලපයො ටික කිව්වෙ ගස් කපන්නෑමයි කියලා. ටොයියොයි ජෙප්පොයි කුමන්ත්‍රණ කරනවා කියලා. සංවර්ධනේ කරනකොට රටේම කැලෑ වුනත් කපන්න වෙනවා අව්ලක් නෑ කියලා.
කිසිම රක්‍ෂිතයක් කපලා නෑමයි කියලා කියපු උනුත් හිටියා.
විරුද්ධ වෙච්ච නිලධාරීන්ට සහ අනෙක් මිනිස්සුන්ට NHO කාරයො, කුහකයො , ජේවීපි කාරයො කියලා ලේබල් ගැහුවා.
ජනාධිපතිතුමා පවා පහුගිය දවසක කිව්වෙ පරිසර විනාසය සෝෂල් මීඩියා කතාවක් කියලා.
හැබැයි කමල් ගුණරත්න මහත්තයට කොන්ද පණ තිබුණා තමන් නියෝජනය කරන ආණ්ඩුව කාලෙ වන විනාශය මහාපරිමාණයෙන් වෙනවා කියලා පිළිගන්න. ඒකට තමන්ගෙම ආණ්ඩුවට සහයෝගය දක්වන අය හවුල් කියලත් එතුමා පිළිගත්තා.
ඒ වගේම මෑත ඉතිහාසෙ බිහිවුණ බලවත්ම ආණ්ඩුවට ඒව නවත්තන්න, තවම මුකුත් කරගන්න බෑ කියලත් එතුමා පිළිගන්නවා.
යුද්දෙ කරපු ආරක්‍ෂක ලේකම් ජනාධිපති වෙලා, යුද්දෙ කරපු ජනාධිපති අගමැති වෙලා, යුධ සෙන්පතියො වුණ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවෙලා, සරත් වීරසේකර ආරක්‍ෂක ඇමතිවෙලා, කමල් මහත්තයා ආරක්‍ෂක ලේකම් වෙලා ඉද්දිත් ආණ්ඩුවේම හවුල් කාරයො ගස් කපනකොට උඩ බලන් ඉන්නෙ ඇයි කියලා කාටහරි අහන්න පුලුවන්.
ඒ මොකක් කිව්වත්, ගස් කපන එක නවත්තන නොනවත්වන එක මොකක් වුණත්, රටේ මහපරිමාණෙන් පරිසර විනාශයක් වෙනවා කියලා පිළිගත්ත නිහතමානීකමට අපි එතුමට ගරු කරන්න ඕනෙ.
දැන් පරිසර විනාසයක් වෙනවා කියලා රජය නිල වශයෙන් කියන හින්දා අපිට පුලුවන් ඒක නවත්තන්න වැඩ කරන්න. ඉස්සර විනාශයක් වෙනවා කියලා ඔප්පු කරන්නත් වුණානෙ.
-චමල් අකලංක පොල්වත්තගේ (fb)

Leave A Reply

Your email address will not be published.