සිලෝනෙ සහ ෆොන්ටමාරා (Ignazio Silone and Fontamara)

දස වතාවක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වූ ඉතාලියානු ලේඛක ඉග්නාට්සියෝ සිලෝනේ උපත ලැබුවේ 1900 ජනවාරි 1 වැනිදාය. 1915 ඉතාලියේ ඇතිවූ භූමි කම්පාවෙන් ඔහුගේ මව ඇතුලු ඥාතීන් විශාල පිරිසකගේ දිවි අහිමි විය. 1911දී ඔහුගේ පියාද මරණයට පත්ව තිබු හෙයින් ඔහු වැඩුණේ මව් පිය රැකවරණය අහිමි වූ දරුවකු ලෙසිනි.
තරුණ වියට එළැඹි සිලෝනේ ඉතාලියානු සමාජවාදි පක්ෂයේ තරුණ සමාජවාදීන්ගේ කණ්ඩායමට එක් වූයේය.
1921 ඉතාලියේ ආරම්භ කෙරුණු කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ඔහු එහි සැඟවුණු නායකයෙක් විය.
එකල පැවැතියේ ෆැසිස්ට් පාලනයයයි. ඔහුගේ සොහොයුරු රොමෙලෝ ඉතාලියානු සමාජවාදි පක්ෂයේ සාමාජිකයකු වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු අතර දරුණු වධ හිංසාවලට ලක්වී සිරගෙදරදීම මරණයට පත් විය.
1927දී සිලෝනේ ඉතාලිය හැරදමා සෝවියට් රුසියාවට ගොස් පසුව ස්විට්සර්ලන්තයේ පදිංචි විය. ජෝසෆ් ස්ටැලින්ගේ පාලනයට හා තුන්වැනි ජාත්‍යන්තරයේ නායකයන්ට එරෙහි වීම හේතුවෙන් ඔහු ඉතාලියානු සමාජවාදි පක්ෂයෙන් නෙරපා හැරිණි. ඔහු යලි 1944දී ඉතාලියට පැමිණි අතර ඉතාලියානු සමාජවාදි පක්ෂයේ නියොජ්ය‍ නායකයා වශයෙන් පත් කෙරිණි.
කලෙක ක්ෂය රෝගයට ගොදුරු වූ ඔහු යන්තම්. සුවය ලබමින් සිටියදී තම ප්‍රථම නවකතාව වූ ෆොන්ටමාරා රචනා කළේය. එය මුලින්ම පළවූයේ 1933දී ජර්මන් බසිනි. 1934දී ඉංග්‍රීසියට පරිවර්තනය විය.විටින් විට සංස්කරණය වූ එම කෘතියට ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සහ දෙවැනි ලෝක යුද්ධයේ මුල්කාලීන සිදුවීම්ද පාදක කොට ගැනිණි. ෆොන්ටමාරා කෘතිය පිටපත් මිලියන ගණනක් අලෙවි වු අතර භාෂා 27කට පරිවර්තනය විය..කාර්ලෝ ලිසානි විසින් එය 1977දී සිනමාවටද ගෙන ආවේය.
ෆොන්ටමාරාවට පාදක වූයේ අබ්රුසෝ නමැති ප්‍රෙද්ශයක පිහිටි මර්සිකා නමැති කල්පිත දිළිඳු ගම්මානයකි. ලෝකය පිළිබඳ කිසිවක් දැන නොසිටි එගම වැසියෝ ෆැසිස්ට්වාදයේ නැගීම පිළිබඳවද කිසිවක් දැන නොසිටියහ. කෘතියට පාදක වූයේ එගම වැසියන්ගේ කතා ප්‍රවෘත්තියයි.
ඔහු Fontamara (1933)
Fascism – Its Origin and Development (1934)
Bread and Wine (1937)
The School for Dictators (1938)
The Living Thoughts of Mazzini (1939)
The Seed Beneath the Snow (1940)
Ed egli si nascose. Dramma in quattro atti (1944)
The God that Failed (contribution) (1949)
Emergency Exit (1951);
Handful of Blackberries (1952)
Luca’s Secret (1956)
Story of a Humble Christian (1968)
යනුවෙන් කෘති රැසක් එළි දැක්වීය
1969දී ඔහුට ජෙරුසලම් සම්මානයද, 1971 දී ප්‍රික්ස් මොන්ඩෙල් සිනො ඩෙල් ඩුකා සම්මානයද හිමි විය
ඔහු විවාහ වූයේ ඩරිනා ලාර්සි නමැති අයිරිෂ් ජාතික කාන්තාවක සමඟිනි. ඔහු 1978 ස්විට්සර්ලන්තයේදී මිය ගියේය.
-ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා(fb)

Leave A Reply

Your email address will not be published.