ඉතාලියේ ගිනි සිසිලිය ගිනි ගනී 

යුරෝපයේ උසම ක්‍රියාකාරී ගිනිකන්ද වූ ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනිකන්දෙන් මේ වන විට පිපිරීම් වාර්තා වෙනවා. ගිනිකන්ද පිහිටි ඉතාලියේ කටානියා නගරයට ඉහලින් දුම් හා අළු ගසා ගෙන ආවත් කන්ද අසළම ඇති ගම්මාන වලට අනතුරක් නැති බව බලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් කුඩා ගල් හා අළු වැසි ඇද හැළීම නිසා කටානියා ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට වසා දමා තිබෙනවා.

යුරෝපයට සීත සෘතුව උදා වීම හේතුවෙන් එට්නා කන්ද හිමෙන් වැසී ගොස් තිබෙනවා.  ඊට ඉහළින් නැගුණු අළු දුමාරය නිසා අහසට රෝස පැහැති චමත්කාජනක දසුනක් මැවී ඇති මුත්  මේ වන විටත් එහි ගිණිකොණ දිග විශාල ආවාටයෙන් ලාවා ගලා එමින් තිබෙනවා.

ලෝකයේ වඩාත් ක්‍රියාකාරීම ගිනිකදු වලින් එකක් වන එට්නා අඩි 11000ක් උසයි. වසර 500,000 ක පමණ තිස්සේ මේ ගිනිකන්ද නිතර නිතර සක්‍රීය වෙමින් පවතිනවා.

-ශානක ලියනගම ලෝකය එකම යායක්

Leave A Reply

Your email address will not be published.