නව කොවිඩ් ප්‍රභේදය ගැන නොසලකාම බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම ඉවත් කරන්න යයි

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් උපදෙස් අනුව මෙලෙස ගුවන් තහනම ඊයේ (17) බලපැවැත්වෙන පරිදි වහාම ඉවත් කෙරෙන බවද විදේශ අමාත්‍යාංශය ඊයේ නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14ක නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇතිබවයි.

කොවිඩ් වයිරසයේ නව ප්‍ර⁣භේදයක් සීඝ්‍රයෙන් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඉකුත් දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට එරට සිට ⁣මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විටත් මෙම නව ප්‍ර⁣භේදය ලංකාවේ පළාත් කිහිපයකම පැතිර ඇති බවට සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.