පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වරදක් කර නෑ – හමුදාව කියයි

12

ගාල්ල, අක්මීමන උපනන්ද කනිටු විදුහලේදී දියණිය ඉදිරියේදීම වෙඩි තබා පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී අදාළ යුධ හමුදා සෙබළා වරදක් කර නොමැති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එහෙත් සිද්ධිය පිළිබඳ විවිධ තොරතුරු පැතිර යමින් ඇති හෙයින් මේ පිළිබඳව තවදුරටත් විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් සඳහන් කරයි.

අදාළ හමුදා සෙබළා දැනට 581 වන බලසේනාව යටතේ පවතින බූස්ස කඳවුරේ රඳවාගෙන සිටින අතර අවශ්‍යතාවයක් ඇති නම් ඔහුව පොලිසිය වෙත භාරදීමට ද හැකි බවත් හමුදාව පවසයි. 

අසනීප තත්වයේ පසුවූ දිය බාල දරුවා රැගෙන යාම සඳහා හදිසියේ පාසලට පැමිණි තිදරු පියා සහ පාසලේ ආරක්ෂාවට රඳවා සිටි හමුදා සෙබළා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පසුගිය 04 වනදා අදාළ හමුදා නිලධාරියා විසින් පියාට වෙඩි තබා තිබුණු අතර ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය. 

LNW

Previous articleකැනඩාවට මෛත්‍රීව එපා වෙයි
Next articleවීදි පිරෙන පාද සටන මොරටුවෙන් නුගේගොඩට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here