කතානායකට කොරෝනා එන්නත

කලින් පාර්ලිමේන්තුවට ගෙන්වා කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගැනීමට කටයුතු කර තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුද හමුදා රෝහල වෙත ගොස් එන්නත ලබාගෙන තිබේ. කොවිඩ් වසංගතය මර්දනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා‍ගත බව ද පවසයි.

Leave A Reply

Your email address will not be published.