“කොව්ඩ් මරණ භූමදානය අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික අදහස”

කොව්ඩ් – 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ(16) ප්‍රකාශ කළේය.

ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසීය.

“අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්

“මෙවර ආණ්ඩුව ලෙස ලැබිලා තියෙන්නේ පක්ෂ 15කින් සෑදුණු සංධානයකටයි. අපි හැමෝටම වෙනස් වූ මත තිබුණු නිසා තමයිවිවිධ පක්ෂ ගොඩනගාගෙන සංධානයක් ලෙස එකතුවෙලා ඉන්නේ.
ද්විත්ව පුරවැසියන් රටේ වගකිවයුතු තනතුරු නොදැරිය යුතුයි යන්න මගේ අදහසයි. මේක අද ඊයේ වෙනස් වූ දෙයක් නොවේ. අපි දිගටම ස්ථාවරයේ තමයි හිටියේ.”

ඒ අතරින් එකඟ විය හැකි කරුණු අරගෙන තමයි සෞභාග්‍යයේ දැක්මට එකතු කළේ. ඒකට සියලු දෙනාම එකඟයි. ඊට පරිභාහිර දේවල් ගැනනම් මත ගැටුම් අපි අතර ඇතිවෙනවා. පවුලක ගැටුම් ඇතිවෙනවා නම් රටක් පාලනය කරන කොට කොහොම ගැටුම් වෙනවාද? ඉතින් දවස ගානේ ගැටුම් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියෙනවා.“යැයි උදය ගම්මන්පිල පැවසීය.

Leave A Reply

Your email address will not be published.