රුපියල් කොටි 10 අධික වටිනාකමින් යුතු හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය නුගේගොඩින් අල්ලයි
හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් නුගේගොඩ නවාතැන් පොලක තිබී සංවිධානත්මක අපරාධ කොට්ඨාසයේ නිලාධාරීන් විසින් අද (16) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෙරොයින් හා අයිස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව පොලිසිය පවසයි.
නුගේගොඩ ගන්සභා හන්දියේ පිහිටි කාමර 7 කින් යුතු නවාතැන් පොලක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර වයස අවුරුදු 29 වන එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
පොලිස් සංවිධානත්මක අපරාධ කොට්ඨාසයේ නිලාධාරීන් සැකකරු අධ්කරණයට ඉදිරිපත් කොට රැදවුම් නියෝග මත රදවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.