Vim සන්නාමයෙන් නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකාහි ගෘහස්ථ පිරිසිදුකාරක වෙළෙඳ නාමය වන Vim සන්නාමය යටතේFloor Cleaner හා surface spray කාණ්ඩය හඳුන්වා දුන් බව නිවේදනය කරන ලදී.

Vim Floor Cleaner හා surface spray මඟින් සෙරමික්, ලෝහ, වීදුරු, ග්‍රැනයිට් හා සිමෙන්ති වැනි දේවල් මතුපිට මත ඇති කුණු හා පැල්ලම් ඉවත් කරන අතර Germ magnet තාක්ෂණය සමඟින් විෂබීජ 99.9%ක් විනාශ කරන නිසා විෂබීජ හේතුවෙන් ඇති වන රෝගයන්ගෙන් ආරක්ෂා කිරීම ද සිදු කරනු ලබයි. මෙය භාවිතයට සුදුසු  pH  අගයකින් හා 100%ක් දිරාපත් වන සංයෝගයකින් සමන්විත නිෂ්පාදන පෙළකි. මෙම නිෂ්පාදන පෙළ 100%ක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඇසුරුමකින් ද යුක්ත වේ. එසේම කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන අයුරින් ඔවුන්ට විවෘත කළ නොහැකි ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති ඇසුරුම හේතුවෙන් නිවසේ ආරක්ෂාව ද ඉහළ නංවනු ලබයි. මිලිලීටර් 200 සහ මිලිලීටර් 500 බෝතල් ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් යුතුව හඳුන්වා දී ඇති Vim Floor Cleaner රුපියල් 105/-කට සහ රුපියල් 190/-කට මිල දී ගත හැකි ය. මිලිලීටර් 475 බෝතල් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙන Vim surface spray නිෂ්පාදනයක මිල රුපියල් 330/-කි●

 

Leave A Reply

Your email address will not be published.