DFCC බැංකුවට මුදල් කළමනාකරණ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන

ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2020ි ‘Asiamoney’ සමීක්ෂණයේ දී සම්මාන දෙකක් දිනා ගැනීමට DFCC බැංකුව පසුගිය දා සමත් විය.Market Leader in Cash Management Sri Lanka (Domestic Banks) සහ (Best for Services in Cash Management – Sri Lanka) යන සම්මාන මෙලෙස DFCC බැංකුව වෙත හිමි වී තිබේ. එම බැංකුව විසින් හඳුන්වා දෙන ලද පුරෝගාමී ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුමක් වන DFCC iConnect සේවාව වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලදී.

Euromoney සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ ‘Asiamoney’ සඟරාව ආසියා පැසිෆික් කලාපයේ මූල්‍ය, බැංකුකරණ, ආයෝජන හා භාණ්ඩාගාර ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛතම අධිකාරියක් ලෙස සැලකෙයි. 2020 අවසන් කාර්තුවේ දී Euromoney මඟින් සිදු කරන ලද සමීක්ෂණයක් පදනම් කරගෙන Asiamoney සම්මාන උලෙළේ සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදී. මෙහි දී මූලික වශයෙන් නිෂ්පාදන හා සේවා ක්‍ෂේත්‍ර 20ක් තුළ තමන් ගනුදෙනු කරන දේශීය හා ජාත්‍යන්තර බැංකු විසින් සපයන ලද සේවාවන්හි තත්ත්වය වර්ගීකරණය කිරීමට සමාගම්වලට හා ආයතනවලට අවස්ථාව ලැබිණි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසීය:

“Euromoney Cash Management සමීක්ෂණය මඟින් අප වෙත හිමිවූ අගැයීමට සමගාමීව මේ ආකාරයට Asiamoney සම්මාන උලෙළේ දී සම්මානවලින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම සම්මාන අපගේ උත්සාහයන්ට ලැබුණු වටිනාම අගැයුමක් බව DFCC බැංකුවේ අප සියලුම දෙනාගේ අදහසයි.”●

Leave A Reply

Your email address will not be published.