තවත් වැව් රක්ෂිතයක් වනසයි !

මිහින්තලය බුලන්කුලම  වැව් රක්ෂිතයට අයත් ඉඩමේ කොටසක ගස් කොළන් කපා විනාශ කර ඇති  බව වාර්තා වේ. මිහින්තලය රජරට විශ්වවිද්‍යාල ආරක්ෂිත වැට අසලින් දිවෙන මාර්ගයේ පිහිටි මේ රක්ෂිත කොටස මෙසේ විනාශ කර තිබේ.

මිහින්තලය නගරය ආසන්නයේම බුලන්කුලම පුරාණ වැව පිහිටා තිබෙන අතර, නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙක් එම ස්ථානය අල්ලා ගැනීම සඳහා රක්ෂිත කොටසේ තිබූ ගස් විශාල ප්‍රමාණයක් කපා ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.

“මේ වැව අයිති මිහින්තලය රාජමහා විහාරය ඇතුළු ගොවීන් පිරිසකට. මේ වන විට වැවේ කොටසක් කිසියම් පුද්ගලයකු බලහත්කාරයෙන් අල්ලාගෙන විනාශ කරනවා. වැවේ වටිනාකම දන්නේ වැවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු. නමුත්, වැව ගැන නොදන්න මිනිස්සු වැව විනාශ කරනවා” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන  මිහින්තලා රාජමහා විහාරාධිපති  ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති●

මිහින්තලය – ආර්. ජයසේන
Leave A Reply

Your email address will not be published.