විජමූ ලොකුබණ්ඩාර මියයයි
හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර කොරෝනා ආසාදනය වීමෙන් ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. මිය යන විට විජමූ ලොකුබණ්ඩාර මහතා 79 වන වියේ පසු විය.
පසුගියදා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර ඉකුත් 7 වන දා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
එදා සිට මේ දක්වා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුගිය 3 වැනිදා ප්රතිකාර සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි.