“කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහල, මේ පවුලක් කඩන්න අපි ඉඩ තියන්නෙ නෑ”- ජොන්ස්ටන් ප්‍රනාන්දු

“කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පක්ෂෙ අපි ඉඩ තියන්නෙ නෑ කියන එක මතක තියාගන්න ඕන. කට්ටියක් අයියට කැමතියි, මල්ලිට අකමැතියි. මල්ලිට කැමති පෙලක් අය අයියට අකමැතියි, මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද?. කිසිම රාජපක්ෂවරයකුට පහරදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ නොදෙන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ අවධාරණය කළේය.
ඊයේ (13) කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේය.

“අද ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්නෙ නෑ” .

“යහපාලනය කාලෙ විමල් වීරවංශව හිරේ දැම්මා. උදය ගම්මන්පිල ව හිරේ දැම්මා . ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ . ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් අමතක කරන්න එපා කියලා. ඕනෑවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කර ගන්නේ නැතුව මේ ආණ්ඩු. මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.