කොවිඩ් ආසාදීත මරණ 6 ක් සහ අද (13) ආසාදිතයන් 796 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 06 දෙනෙකු අද (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 390 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස බණ්ඩාරගම, හබරාදුව, නිට්ටඹුව, මිගමුව, මහනුවර, නාරන්ගොඩ පළාත් වළ පදිංචි කරුවන්ය.

අද දිනයේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 796 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 08.30 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.