ටෙක්සාස් හි රථවාහන 100 ක් ගැටී 6ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත්හි අධිවේගී මාර්ගයක රථවාහන 100 ක් පමණ අනතුරට ලක්වී ඇති අතර අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබාඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරෙන් ඇතැම් වාහන සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අනතුරුවලට ලක්වූ වාහන අතර ට්‍රක්රථ සහ කන්ටේනර් රථ ද වනවා. මේ දිනවල සිදුවන අධික හිම පතනය හේතුවෙන් මාර්ගය ලිස්සා යෑම අනතුරුවලට හේතුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave A Reply

Your email address will not be published.