මඩොල්සිම, ඇකිරියට අදත් භූකම්පන තත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගලට අයත් මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිළධාරි වසමේ ගම්මාන කිහිපයකට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවු බව ‍ප්‍රදේශවාසීහු පවසන අතර මෙම ප්‍රදේශයට මෙලෙස භූ කම්පනය සිදුවී ඇත්තේ 5වැනි වරට බවද පැවසේ.

මෙය රික්ටර් මාපකයේ 1.5 ලෙස සටහන් වී ඇති බවද වාර්තා වේ.

ඒ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මාන වලට බවද සඳහන්. පසුගිය ජනවාරි 22 දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට,23 වන දින උදෑසන 10ට පමණ ,31 වන දින අලුයම 2.59ට පමණ මෙසේ ඇකිරිය ප්‍රදේශයට භූ කම්පන ඇති වී තිබිණි.

මේ සමඟ ජනවාරි 31 වන දින භූ විද්‍යා සාමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න ඇතුළු පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ සොයා බැලීම් කර ගම්මානයේ නිවසක් තුල භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍ය්‍යනය කිරීමට නියමිතව තිබිනි.

Leave A Reply

Your email address will not be published.