තවත් කොවිඩ් අසාදිත මරණ 4 ක්, සමස්ත මරණ 379 යි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් තවත් පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (11) දිනයේ මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

මෙම මරණ හතරත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස කොළඹ 5, කොළඹ 13, කොටහේන, උඩතලවින්න , යන ප්‍රදේශයන් වල පදිංචිකරුවන් වෙයි.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ 939 ඊයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 09.35 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

 

Leave A Reply

Your email address will not be published.