කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳ තිරණය කැබිනට් මණ්ඩලය අතේ

මධ්‍යම අධිවේගී මාර්ගයට අයත් ගම්පහ දාරළුව ආසන්න යේ තිබෙන කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී තිබුණත් අධිවේගි මාර්ගය ඉදිකිරීමේ දී කළ පරිසර අධ්‍යයනයේ දී මෙම ශාඛය පිළිබඳව අවධානයක් යොමු නොකිරීමෙන් පෙනී යන්නේ එම වාර්තාව නිසිලෙස සිදුකර නොමැතිවීම යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද (11) ප්‍රකාශ කළේය.

කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව පරිසරවේදීන් පරිසර විද්‍යාඥයන් හා උද්භිද විද්‍යාඥයන් පිරිසක් සමග පරිසර අමාත්‍යංශයේ අද (11) පැවති හමුවක දී මේ බව පවසා තිබේ.

ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට මේ ශාඛය පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා මෙම පිරිසගේ අදහස් විමසීම සඳහා මෙම හමුව පැවැත්වූ බවද ඇමතිවරයා පවසයි. මෙහි වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අනතුරුව කැබිනට් මණ්ඩලයේ තිරණය අනුව ක්‍රියා කරන බවද අමාත්‍යවරයා අවසානයේ සඳහන් කළේය.

පරිසර අධ්‍යයනය නිසිලෙස නොවීම සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දෙන බවත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

ශාඛය පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තුරු ඒ සම්බන්ධව කිසිවක් සිදු නොකරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.