ඉනෝකාගේ සේවය ගැන සෑහීමකට පත් වෙන්න බැහැලු

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යංගනීට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත. ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන විසින් මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

අදාල ලිපිය මගින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඇයගේ සේවය ගැන සෑහීමකට පත් විය නොහැකි බවයි.

ඉනෝකා සත්‍යාංගනී ජාතික රූපවාහිනියේ සභාපති ධුරය සඳහා පත් කරනු ලැබූයේ මංගල සමරවීර ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් සිටි කාලයේදීය. ඉන් පසු ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයේ පසු සභාපති ධුරය ඇයට අහිමි වන අතර, කුමන්ත්‍රණය පරාජය වීමෙන් අනතුරුව නැවතත් සභාපති ධුරයේ කටයුතු ආරම්භ කරන ලදී.

සිය සේවා කාලය තුළ විවිධ රූපවාහිනී වැඩසටහන් සඳහා ආයතනයේ මුදල් සහ නිල බලය අවභාවිතා කළ බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වූ අතර රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවීමට පවා නොහැකි මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙ න බව ද මාස දෙකකට පෙර වාර්තා විය.

Leave A Reply

Your email address will not be published.

15 + sixteen =