“ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි” ට්‍රම්ප්ට ට්විටර් ගිණුම් බෑ

“ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි” හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව පවසමින් ට්විටර් සමාගමෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් පවසයි.

ජෝ බයිඩ්න් වැඩ බාර ගැනීමට පෙර පසුගිය ජනවාරි 06 වැනි දා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කෝලහලයෙන් පසුව ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කළේය.

මේ සම්බන්දව අදහස් දක්වමින් නෙඩ් සේගල් පවසන්නේ,
“ඔබ කවර තරාතිරමක අයෙකු වුවත් ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි. ට්‍රම්ප් යළි ධූරයට පත්වූවද ගිණුම නැවත සක්‍රීය කරනු නොලැබේ.” යනුවෙනි.

තම කණ්ඩායම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීම සමඟ වැරදි තොරතුරු ‍හුවමාරු කරගැනීම හේතුවෙන් ට්විටර් ගිණුම් 70,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටවන ලැබූ අතර එම ගිණුම් හිමියන් අතර ට්‍රම්ප්ගේ ඉහල පෙළේ ආධාරකරුවෝ පිරිසක් ද සිටින බව ට්විටර් සමාගම පවසයි.

සේගල් මෙසේ ද පැවසීය,

“අපගේ ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නැති බවට වගවීම සඳහා වන අතර යමෙකු ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නම් අප ඔවුන්ව සේවයෙන් ඉවත් කළ යුතුය. ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට ට්වීටර් ගිණුම භාවිතා කළ නොහැකි බව අප වසර ගනනාවකට පෙර පැහැදිලි කළෙමු. අපගේ ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීම සම්බන්දයෙන් අප දිගටම විනිවිද භාවයෙන් කටයුතු කරන්නෙමු.”

Leave A Reply

Your email address will not be published.