ගෝතමීපුරට ආසන්න ම පිහිටි ඔබේසේකරපුර දින 14 කට හෝ හුදෙකලා ප්‍රදේශයක් බවට පත් නොකළහොත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ ද කොවිඩ් පැතිරීමේ අවදානම වැඩිවිය හැකි බව අද (11) කෝට්ටේ නගර සභා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ පවසයි.
ඔබේසේකරපුර නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් රතු කලාපයක් ලෙස නම් කර ඇති බවත් එම කලාපය හුදකලා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව නගර සභාවේ මන්ත්‍රී වරුන්ද පවසා තිබෙන බව වාර්තාවේ
ඔබේසේකරපුර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සේවයට විවිධ වෘත්තීකයන් පැමිණෙන බව සඳහන් කළ වෛද්‍යවරයා යම් පුද්ගලයකු කොවිඩ් ආසාදිත හෝ ආශ්රිත තත්ත්වයට පත්වන තුරු ඔවුන්ට රැකියාවට වාර්තා නොකරන්නට යැයි දැනුම් දීමට නොහැකි බව පැවසීය.