මේ වාරයේ ගාල්ලේ පාසල් 48ක ළමුන් 95කට කොරෝනා

මෙවර පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි පවසයි.
මෙම අසාදිතයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලුදේනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.

මේ අතරින් පාසල් දරුවන් බහුතරයට කොරෝනා ආසාදනය වී ඇත්තේ පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා බවද පවසයි.

මින් අඩකට පමණ වයිරසය ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුලදි බවද හෙතෙම පවසයි.

Leave A Reply

Your email address will not be published.