සාමාන්‍ය පෙළ යෝජනාවෙන් සජිත්ගේ අපේක්ෂක සිහිනය සුන් වෙයි…?

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරාපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදාමන් කෙරෙමින් ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් වන අතර ප‍්‍රබල ඇමතිවරයෙකු ඉදිරියේදී යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ජනාධිපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන තැනැත්තා අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන් ඇත.

මෙම යෝජනාව ස්ථිර වුවහොත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර සිටින සජිත් පේ‍්‍රමදාසටද ප‍්‍රබල ලෙස බලපානු ඇත්තේ ඔහු කිසිදු අවස්ථාවක සිය දිස්ත‍්‍රික්ය වන හම්බන්තොට හෝ ආසනය දිනා නැති නිසාය. එසේම ඔහු සාමාන්‍ය පෙල සමතෙක්ද නොනවන බව ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් ප‍්‍රසිද්ධියේ විසින්ම ප්‍රසිද්ධියේ පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.

15 + seven =