අදත් කොරෝනා ආසාදිතව 5ක් මියයයි, නව ආසාදිතයන් 955 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

මේ සමඟ මෙරට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 375 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස කොළඹ 05, වත්තල, අලුත්ගම, ගම්පහ, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය .

මේ අතර අද දිනය තුළ කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 955 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 09.20 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.