නිදහස් උලෙළට සහබාගි වූ සිවිල් ආරක්ෂක භටයන්ගෙන් දැන් 35 කට කොරෝනා

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබල පිරිස අතරින් හමුවූ ආසාදිත සෙබල සංඛ්‍යාව අද පස්වරුව වනවිට 35 ක් දක්වා ඉහළගොස් ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නරේන්ද්‍ර ප්‍රෙමරත්න මහතා පවසයි.

එම කදවුරෙන් හදුනාගත් ආසාධිතයින් 35 දෙනොගෙන් තවත් පිරිසක් මහනුවර තෙල්දෙනිය හා තවත් පිරිසක් මාතලේ ලග්ගල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ද මේ වනවිට යොමු කර තිබේ.
ඉකුත් 4 වෙනිදා ජාතික නිදහස් උත්සවයට සහබාගිවීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන් 6 දෙනෙකුට පසුගිය 7 වන දා කොවිඩ්-19 වයිරසය ආසාදිත විය.

නිදහස් දින උත්සවයට එක්වීමෙන් පසුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුර වෙත මෙලෙස නිරෝධායනය සදහා සෙබලුන් 140 දෙනෙකුගේ පිරිසක් යොමු කර තිබිණ. එම නිරෝධායනය වන සෙබල පිරිස අතරින් මෙම කොවිඩ්-19 ආසාධිතයින් 35 දෙනා හදුනාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.