“රන්ජන් පාර්ලිමේන්තු ගෙන්නන්න හැකියාවක් නෑ”

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාදීමේ හැකියාවක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. කතානායකවරයා අද(10) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ, අධිකරණ කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.