මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අලුගෝසු තනතුරට බඳවා ගත් දෙදෙනා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රහස් කාමරයක රදවා සිටින බව වාර්තා වේ. මොවුන් දෙදෙනා කවුරුන්දැයි කිසිවෙකුට නොහැගෙන ලෙස මොවුන් සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර ඇති අතර ඔවුනගේ අනන්‍යතාවයද හෙලි නොකිරීමට තීරණය කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාට බන්ධනාගාරයෙන් පිට වීම තහනම් කර තිබීමයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටත් මොවුන් දෙදෙනා බන්ධනාගාරය තුළ රඳවාගෙන සිටින බව ද සඳහන්ය.
මේ අතර මරණ දඬුවමට ලක් කරන අය වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් පැලදුම් හා කඹය ඇතුළු උපකරණද ආරක්ෂිත කාමරයක තැන්පත් කර තිබේ.
කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 29 වන දින තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.