දාරලුව, කෲඩියා සිලනිකා ශාකය සසුන්ගත කිරීම කිරීමක් සිදුකරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් වේයන්ගොඩ, දාරලුව ප්‍රදේශයේ ඉවත් කිරීමට සූදානම්වූ ඇති කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදැසන ජාතික භික්ෂු පෙරමුනේ මැදිහත්වීමෙන් සසුන්ගත කිරීමක් සිදු කෙරිණි.

මෙම දුර්ලභ ගස මෙම ස්ථානයෙන් රැගෙන ගොස් විනාශ කිරීම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි භික්ෂූන්වහන්සේලා පවසයි.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන සමාගම පසුගිය මෙම ශාඛය අවට එළිපෙහෙළි කරමින් මාර්ග ඉදිකිරීම් කටයුතු වළ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මැදිහත්වී මෙම කෲඩියා සිලනිකා ශාඛයට සිදුවීමට ගිය විනාශය වළක්වා ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසුවේ දේවානි ජයතිලක මහත්මිය පෞද්ගලික ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අරමුණින් උන්මත්තකව ක්‍රියාකරන බවයි. එහෙත් මේ සම්බන්ධව සංවේදීව කටයුතු කරන බොහෝ දෙනා මේ පිළිබඳ දක්වන නොසැලකිල්ල පිළිබඳව සමාජ මාධ්‍ය හරහා සිය විරෝධය පලකරනු දක්නට ලැබේ.

බොහෝ දෙනෙක් පවසන්නේ ගම සමඟ පිළිසඳරේ දී එක මොහොතින් ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයාට මෙම වටිනා ශාකය ගැන සලකා අධිවේගී මාර්ගය ගස මගහැර යොදාගන්නා ලෙස උපදෙස් දෙන්නට බැරි ඇයිද යන්නයි.

 

 

Leave A Reply

Your email address will not be published.