කොරෝනා මෘතදේහ භූමදානයට අවසර

කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මෙතෙක් පැන නැගී තිබුණු ප්‍රශ්නය අවසන් කරමින් ආණ්ඩුව භුමදානයට අවසර ලබාදී තිබේ. අද (10) උදෑසන පාර්ලිමේන්තුවේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

ක්ෂුද්‍රජීව විශේෂඥයන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබියදීත් ආණ්ඩුව දිගින් දිගටම භූමදාන සඳහා ඉඩකඩ ලබා නොදෙන ලදී. ලෝකයේ රටවල් සිය ගණනක කොරෝනා මල සිරුරු භූමදානය කරද්දි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එයට අනුමැතිය ලබා ලබාදී තිබියදී ලංකාවේ පමණක් භූමදානය නොකර සිටීම විකාරයක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි වරෙක ප්‍රකාශ කර තිබුණි.

ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ අතර එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.